සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අලුතින් ඉදිකරන ලද දේශන ශාලාව සූම් තාක්ෂණය ඔස්සේ විවෘත කරන ලදී
8:42am on Friday 23rd June 2023
ගුවන් හමුදා සීගිරිය, සත්කාරක කළමනාකරණ පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද "දේශන ශාලාව" ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්  2023 ජුනි 19 වන දින  සූම් තාක්ෂණය ඔස්සේ විවෘත කරන ලදී. මෙම දේශන ශාලාව වායුසමනය කළ පහසුකම් සහිත උසස් තාක්ෂණික උපකරණ වලින් සමන්විත වන අතර එය ගුවන් හමුදා සීගිරිය කදවුරේ හෝටල් කළමනාකරණ පාසලේ අභ්‍යාසලාභීන්ට ඉමහත් ප්‍රයෝජනවත් වනු ඇත.

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් දේශන ශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද අතර එය මාස හතරක් ඇතුළත නිම කරන ලදී. ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද හේරත්, සත්කාරක කළමනාකරණ පාසලේ ප්‍රධාන උපදේශක විංග් කමාන්ඩර් සරත් අමරකෝන්, සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහ ගුවන් භටයින් ඇතුළු පිරිසක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි