ගුවන් හමුදාපතිවරයා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර වි‍ශේෂ හමුවක්

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර විශේෂ හමුවක් අද දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා තම ධුර කාලය තුළ ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා නික්ම යන ගුවන් හමුදාපතිවරයාට ඉදිරි සියලු කටයුතු සදහා සුබ පැතුම් එක් කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි