ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයාට අතර වි‍ශේෂ හමුවක්

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (2023 ජූනි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නාවික හමුදා මූලස්ථානය වෙත සම්ප්‍රාප්ත වීමත් සමඟ ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා හමුදාධිපතිවරුන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර, වයිස් අද්මිරාල් පෙරේරා මහතා විසින් සියළුම ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන පළ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි