අංක. 07 විදේශ සහ ත්‍රිවිධ හමුදා විශේෂ බලකායන් සඳහා වන කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පාඨමාලාව මොරවැවදී නිමාවෙයි
5:44pm on Saturday 1st July 2023

සන්නද්ධ සේවා පුදිගලයින් සඳහා වු අංක 07 කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් ජුනි මස 28 වන දින අවසන් වු අතර මේ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බළඝණය, යුධ හමුදාවේ ගුවන් සංක‍්‍රමණික බලකාය, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා සෙබළුන් සහභාගී විය.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ කඹ ආධාරයෙන් කල හැකි විවිධ අභ්‍යාස රාශියක් හා විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පුහුණුවීම් ද, කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් ද ඇතුලත් බැවින් මෙම පුහුණු  වැඩසටහන මාසයක් පුරාවට පවත්වන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් හේමන්ත බාලසූරිය සහ රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සම්පූර්ණ පුහුණු අභ්‍යාස සිදු කරන ලදී.

පාඨමාලාවේ සමාප්ති උත්සවය සහ සහතිකපත්‍ර ප්‍රදානය 2023 ජුනි 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් හේමන්ත බාලසූරිය ගේ ප්‍රධානත්වයෙන් මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී පවත්වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි