ගුවන් හමුදාපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අග්‍රාමාත්‍ය ගරු එම් දිනේෂ් ගුණවර්ධන මහතා අද (2023 ජූනි 28) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා සිය ධුර කාලය තුළ ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. නික්ම යන ගුවන් හමුදාපතිතුමන්ට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරයා, ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි