
ගුවන් හමුදාපතිතුමන් ජනාධිපති ලේකම්තුමන් හමුවෙයි
නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ (2023 ජූනි 28) ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා සිය කාර්යාලයේ දී සමුගැනීමේ හමුවක් සිදු කළේය.
කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා සිය ධුර කාලය තුළ ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. නික්ම යන ආඥාපතිවරයාට සුබ පැතුම් එක් කළ ලේකම්වරයා, ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.