
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාර ගනී
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 01 උදෑසන ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාර ගන්නා ලදී. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීම පූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා, ආදරණීය මෑණියන්, බිරිඳ එනෝකා රාජපක්ෂ මහත්මිය, දියණිය මියුනි, පුතා ඉනුර ඇතුලු පවුලේ ඥාතීන් සහභාගිවන ලදි.






























