ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 17 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය (ADC&CC) සිය 17 වන සංවත්සරය 2023 ජූලි 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ජාතික ගුවන් ආරක්ෂක ජාලය මගින් ජාතියට සේවය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 2006 වසරේදි පිහිටුවන ලදී. එහි ආරම්භයේ සිටම පසුගිය වසර 17 තුළ  ජාතික ආරක්ෂාව සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදි.

ගුවන් ආරක්‍ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.සී ප්‍රනාන්දු විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියෙන් සැමරුම ආරම්භ විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරු අණදෙන නිළධාරීතුමන් සහභාගී විය.අනතුරුව කඳවුරු ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියකින් දිවා කටයුතු අවසන් විය.

සංවත්සර දිනයට සමගාමීව මීරිගම ‘ශාසනවර්ධන මහාබෝධි ළමා නිවාසයට’ අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ ක්‍රීඩා භාන්ඩ පරිත්‍යාග කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සහ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද දානමය පිංකමක් පවත්වන ලදී.අනතුරුව 2023 ජුනි 29 වන දින කඳවුරු විහාරස්ථානයේ දී බෝධි පූජා වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි