ගුවන් හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්ෂක උපදේශකතුමන් අතර නිළ හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ජාතික ආරක්ෂක උපදේශක ගරු සාගල රත්නායක මහතා අතර නිළ හමුවක් 2023 ජූලි 05 වන දින ඔහුගේ කාර්යාලයේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා අතර සිදු වූ පළමු නිල හමුව මෙය විය . අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ජාතික ආරක්ෂක උපදේශකවරයා එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය. මෙම අවස්ථාව අගයමින් හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්ෂක උපදේශකතුමන් අතර සමරුඵළක හුවමාරුවක්ද සිදු කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි