ගුවන් හමුදාධිපතිතුමන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර නිල හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර නිල හමුවක් 2023 ජූලි 06 වන දින ඔහුගේ කාර්යාලයේදී සිදුකරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර පැවති පළමු නිල හමුව මෙම සුහද හමුවෙන් සනිටුහන් විය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය සුභාශිංසන පළ කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.