![](../uploads/news/def_sec_call_06072023/3.jpg)
ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර නිල හමුවක්
3:36pm on Monday 10th July 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 06 වන දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.
![The
Commander of the Air Force, Air Marshal Udeni Rajapaksa](../uploads/news/def_sec_call_06072023/1.jpg)
![The
Commander of the Air Force, Air Marshal Udeni Rajapaksa](../uploads/news/def_sec_call_06072023/2.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් සහ ලේකම්වරයා අතර පැවති පළමු නිල හමුව මෙම සුහද හමුවෙන් සනිටුහන් විය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ලේකම්වරයා එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සමරු සංකේතයක් ප්‍රදානය කරන ලදී.
![The
Commander of the Air Force, Air Marshal Udeni Rajapaksa](../uploads/news/def_sec_call_06072023/1.jpg)
![The
Commander of the Air Force, Air Marshal Udeni Rajapaksa](../uploads/news/def_sec_call_06072023/2.jpg)
![The
Commander of the Air Force, Air Marshal Udeni Rajapaksa](../uploads/news/def_sec_call_06072023/3.jpg)