ගුවන් හමුදාධිපතිතුමන් විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී වාර්ෂික කඳවුරු පරීක්ෂාව සිදුකරනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ජූලි 07 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික කඳවුරු පරීක්ෂාව සිදු කරන ලදී. වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඒආර්ටි මුණසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී විසින් අණ දෙන ලද ගුවන් හමුදාධිපතිතුමන් පරීක්‍ෂණ පෙළපාලියේ දී සැරයන් කුමාර සහ කෝප්‍රල් තිලකරත්න වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

පරීක්‍ෂණය අතරතුරදී, කඳවුරු මූලස්ථානය, අංක 6 බළගණය, සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය, සැපයුම් සහ ගුවන් ගමන් බලඝණය සහ අංක 21 රෙජිමේන්තු පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියලුම අංශ ගුවන් හමුදාධිපතිතුමන් විසින් සංචාරය කරන ලදී. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 6 බලඝණ පරිශ්‍රයේදී කඳවුරේ සියලුම නිලධාරීන් සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මන්ඩලය අමතන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පුදකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි