කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ නව අණදෙන නිළධාරීතුමන් වැඩ භාර ගනී
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ නව අණදෙන නිළධාරී තුමන්ගේ වැඩ භාර ගැනීම 2023 ජූලි 11  දින  සිදු කරන ලදී. වැඩ භාර ගැනීමේ පෙළපාලිය අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝ පරිශ්‍රයේදී සිදු වූ අතර, නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්ආර් උඩකුඹුර විසින් ගෲප් කැප්ටන් එන්පී මෙරෙගලගේ වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදී.

එයාර් කොමඩෝර් එස්ආර් උඩකුඹුර මහතා 2022 පෙබරවාරි 17 වන දින සිට අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිළධාරී ලෙස පත්වීම් ලබාගෙන ඇති අතර, කටුනායක ගුවන් හමුදා කඳවුරේ නියෝජ්‍ය කඳවුරු අණදෙන නිළධාරීවරයා ලෙස නව පත්වීම භාරගනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි