ගුවන් හමුදාපතිතුමන් වීරවිල කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි
ගුවන් හමුදාපති 'එයාර් මාර්ෂල්' හර්ෂ අබේවික්ර ම මහතා වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය අද උදෑසන (මැයි මස 13) සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරි 'විංග් කමාණ්ඩර්' මොහාන් බාලසූරිය මහතා ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පිළිගැන්වීමක්ද සිදු විය. 'බලපංති ලුතිනන්' නුවන් ගුණසේකර පෙළපාලියේ අණදෙන්නා ලෙස කටයුතු කරන ලදී. තවද ගුවන් හමුදාපතිතුමා විසින් අණ නොළත් නිළධාරීන් තිදෙනෙකුට ගුවන් 'හමුදාපති සම්මාන' ලබා දෙන ලදී.
මෙහිදි ගුවන් හමුදාපතිතුමා විසින් නිළධාරීන් සඳහා කාමර 12කින් යුත් නිළ නිවාස සංකීර්ණයක් විවෘත කරන ලදී. එසේම ගුවන් හමුදාපති වශයෙන් ප්‍රථම වරට වීරවිල කඳවුරේ සංචාරයක නිරත වීම වෙනුවෙන් අඹ පැළ දෙකක් රෝපනය කිරීම විශේෂත්වයකි. තවද ගුවන් හමුදාපතිතුමන් විසින් කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්විය.