![](../uploads/news/para_schol_anni170723/5.jpg)
අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු පාසල 21 වැනි සංවත්සරය සමරයි
10:08am on Friday 21st July 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණු පාසල 21 වන සංවත්සරය 2023 ජූලි 15 දින සමරන ලදී. පැරෂුට් පුහුණු පාසල 2002 ජූලි 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලද්දේ සුදුසුකම් ලත් උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදාව, සහෝදර සේවා සහ විශේෂ කාර්ය බළකාය වෙත මූලික සහ උසස් පැරෂුට් පුහුණුව ලබාදීම සඳහා ය. අනතුරුව, නව උපක්‍රමශීලී සහ තාක්ෂණික දැනුම අනුවර්තනය කරමින් හැකියාවන්ගේ ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් පැරෂුට් පුහුණු පාසල 2013 මැයි 10 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරට ගෙන යන ලදී.
පසුගිය වසර 21 තුළ පැරෂුට් පුහුණු පාසලේ සංවර්ධනය සඳහා හිටපු අණදෙන නිලධාරීන් සහ උපදේශකවරුන් විසින් කරන ලද කැපවීම සහ ක්‍රියාකාරී දායකත්වය ඇගයීමට ලක් කරමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් විසින් වැඩ පෙළපාලිය ඇමතීමෙන් පිහිටුවීමේ දින සැමරුම ආරම්භ විය.
සංවත්සරයට සමගාමීව අම්පාර මූලික රෝහල සහ ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව එදිනම කඳවුරු රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර අම්පාර පැරෂුට් පුහුණු පාසලේදී ධර්ම දේශනා වැඩසටහනක් සිදුකරන ලදී. නිලධාරීන්, උපදේශකවරුන් සහ අභ්‍යාසලාභීන්ගේ සහභාගිත්වයෙන් කඳවුරු ක්‍රීඩා පිටියේදී පැවති සුහද වොලිබෝල් තරඟාවලියකින් සංවත්සර සැමරුම අවසන් විය. කුසලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් සහභාගි විය.

![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/1.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/2.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/3.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/4.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/5.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/6.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/7.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/8.jpg)
![PARACHUTE TRAINING SCHOOL AT SLAF STATION AMPARA CELEBRATES 21st
ANNIVERSARY](../uploads/news/para_schol_anni170723/9.jpg)