ගුවන් හමුදාපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් අතර නිල හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිල හමුවක් 2023 ජූලි 17 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වනු ලබන පළමු නිල හමුව මෙම සංචාරයෙන් සනිටුහන් වේ. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාට ගුවන් හමුදාපතිවරයා ලෙස නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.