ගුවන් හමුදා වොලිබෝල් පිරිමි කණ්ඩායම සුහද වොලිබෝල් හමුවේදී ජය ලබයි
සීෂෙල්ස් ජාතික පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සමඟ පුහුණු තරග මාලාවක් සඳහා තරග කරන ලදී.

තරගකාරී තරගයකින් ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම සිය දක්ෂතා විදහා දක්වමින් සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව තරග වට 3ක් බින්දුවක්  25-14, 25-17 සහ 25-21ක් ලෙස තහවුරු කර ගනිමින් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.මෙහිදී ගුවන් හමුදා පිරිමි වොලිබෝල් ක්‍රීඩකයින්ගේ සුවිශේෂී දස්කම් නිරූපනය විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්.එන්.තිලකසිංහ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක යන මහත්වරු ද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි