
ගුවන් හමුදාපතිතුමන් සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා අතර නිළ හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා අතර නිළ හමුවක් 2023 ජූලි 27 වන දින සිදුකරන ලදී.




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමෙන් පසු මෙම සුහද හමුවේදී ගුවන් හමුදාධිපතිතුමන් සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා අතර ප්‍රථම නිල හමුව මෙයින් සනිටුහන් විය.සුහද සාකච්ඡාව අතරතරතුර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් දෙදෙනා අතර මාර්ෂල් ඔෆ් ද එයාර් සමරු සංකේත හුවමාරුවක්ද සිදුකරන ලදී.




