අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාව - 2023
අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවලිය 2023 ජූලි 27 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් එයාර් කොමදෝරු කේ.එම්.කේ කැප්පෙටිපොල මහතා විසින් ත්‍යාග පිරිනැමීමේ උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ව්‍යායාම ශාලාවේදී පැවැත්විණි.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සමස්ත ශූරතාව දිනාගත් අතර ගුවන් හමුදා අනුරාධපුර කඳවුර අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. බිලියඩ් විවෘත පිරිමි සහ කාන්තා ඉසව්වල ශූරයින් ලෙස පිළිවෙළින් සමන් බණ්ඩාර මහතා සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ්ලිව්.එම්.එස්.එච්. හිමිකරගන්නා ලදී
මෙම උත්සවය සඳහා වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ, ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිලධාරී, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.