අම්පාර ලංගම ඩිපෝවේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාවේ සහාය
අම්පාරේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවෙන් ලද ආපදා ඇමතුමකට වහා ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා අම්පාර කඳවුරේ ගිනි නිවන භටයින් විසින් 2023 අගෝස්තු 10 වන දින ගිනි නිවන රථයක් සහ ට්‍රේලර් බවුසරයක් සමග එම ස්ථානයට ගොස් නගර සභා ගිනි නිවන අංශය සමඟ එක්ව ඩිපෝ පරිශ්‍රයේ ඇවිළුණු ගින්නක් මැඩපැවැත්වීමට සමත්විය. මෙමගින් ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීමට සහ එහි සුවිශේෂී ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි