ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රගුණ කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ වැඩමුළුව සාර්ථක අවසන් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 අගෝස්තු 14 සිට අගෝස්තු 18 දක්වා දින පහක වැඩමුළුවක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) පැවැත්විණි.
සිංහල සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න, ජ්‍යෙෂ්ඨ නිවේදක/මාධ්‍යවේදී වසන්ත රෝහණ, සහකාර අධ්‍යක්ෂ පුහුණු ලුතිනන් කර්නල් තුෂාරි වෙලගෙදර, සම්මානලාභී නිවේදක හිමානන්ද රාජපක්ෂ සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.ඩී.කේ.ඒ ජයන්ත යන මහත්ම මහත්මීන් විසින් පවත්වනු ලැබූ දේශනවලින් සහභාගිවන්නන්ගේ දැනුම දියුණු කරන ලදී.
මෙම වැඩමුළුවේ අවසානය 2023 අගෝස්තු 18 වැනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී පැවැත්වුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා සහභාගීවෙන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මාධ්‍ය නියෝජනය කරමින් ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී වින්ග් කමාන්ඩර් යොහාන් සෝමවංශ මහතා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නිලධාරීන් ද සහභාගී විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීවෙන්නන් සදහා පවත්වනු ලැබූ දෙවෙනි වැඩමුළුව වන මෙහි සමාප්ති සමාප්තිය සනිටුවන් කරමින් නිලධාරීන් සහ අනෙකුත් නිලයන් ගෙන් සමන්විත 20 දෙනෙකුහට සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී.