
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 22 වන දින කදවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පිඑන්ඡේ ද සිල්වා නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එම්පි අබේවික්‍රම නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.
අභිනවයෙන් පත් වූ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පි අබේවික්‍රම නිළධාරීතුමන් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ වැඩ භාරගෙන මෙම අමතක නොවන දිනය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.
අභිනවයෙන් පත් වූ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පි අබේවික්‍රම නිළධාරීතුමන් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ වැඩ භාරගෙන මෙම අමතක නොවන දිනය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.
නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීඑන්ජේ ද සිල්වා මහතා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගගන පර්යේෂණ හා සංවර්ධන පක්‍ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.



