ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය විසින් ප්‍රජා සුභසාධනය වැඩසටහනක් පවත්වයි
11:26pm on Thursday 7th September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ සේවා වනිතා ඒකකය විසින් අක්ෂි රෝග ගැටලුවට විසදුමක් ලෙස ඇකඩමි රෝහල් කාර්ය මණ්ඩලයේ සහය ඇතිව 2023 අගෝස්තු 23 වන දින අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම සහ කීර්තිමත් අක්ෂි වෛද්‍යවරයකු වන අභය ජයසේකර මහතාගේ විශේෂඥ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

මෙම වැඩසටහන චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළ සිදු කල අතර, සේවා නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාමාඡිකයින්ට පමණක් නොව ඒ අවට පදිංචි අඩු පහසුකම් සහිත පවුල්වලටද  ප්‍රතිලාභ සැලසීම මෙමගින් සිදුකරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව රෝහලේ අණදෙන නිලධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදී.මෙම අවස්ථාව සඳහා 250ට අධික පිරිසක්   සහභාගී විය.පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී වර්තන දෝෂ සහිත හඳුනාගත් පුද්ගලයින්ට ඇස් කණ්ණාඩි 200ක් බෙදා දීමද මෙම වැඩසටහන මගින් සිදුකරන ලදී.

දෙවන අදියර ඉදිරියට සිදුකිරීමට නියමිතව ඇති අතර ඇසේ සුද ඇති පුද්ගලයින් සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් ඇතුළත් කිරීමටද සැලසුම් කර ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි