ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරවෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වන අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 23 වන දින පෙළපාළි චතුරශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් පිඑස්ඩබ් මොල්ලිගොඩ නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් බිඑස්එම්එල්කේ සුගතදාස නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.එම්.එල්.කේ. සුගතදාස නිළධාරීතුමන් මීට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ රංග කලා අධ්‍යක්‍ෂ ලෙස සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි