ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 24 වන දින කඳවුරු පෙළපාලිය චතුරශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එල්එච් සුමනවීර නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එස්ඩිඡිඑම් සිල්වා වෙත නව තනතුර භාර දෙන ලදී. එයාර් වයිස් මාර්ෂල් එල් එච් සුමනවීර මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිටත්ව යන අතර එහිදී ඔහු අධ්‍යක්ෂ ජනරාල් පුහුණු ලෙස තනතුර භාර ගැනීමට නියමිතව ඇත.
සම්ප්‍රදායික භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අවසන් කිරීමෙන් අනතුරුව නව කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එස්ඩීජීඑම් සිල්වා මහතා සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඔහු මීට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ කදවුරු අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී.