ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 72 වන සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ 72 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දින සමරනු ලැබීය.
අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රථම සහ එකම පියාසර පුහුණු ආයතනය ලෙස රාජකීය ලංකා ගුවන් හමුදාව බිහි වූ වර්ෂයේදීම කටුනායක කඳවුරේ ස්ථාපිත කරන ලදී. ගුවන් නියමුවන්ගේ තොටිල්ල’ ලෙසින් අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය පසුගිය දශක හතක කාලය තුළ ජාතියට අභිලාෂකාමී යුද ගුවන් නියමුවන් බිහිකිරීමේ ප්‍රශංසනීය සහ වෙහෙසකර කර්තව්‍යය ඉතා කීර්තිමත්ව ඉටුකර ඇත. අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය විසින් 1951 වර්ෂයේදී ඡිප්මන්ක් ගුවන් යානය සමඟ පියාසර පුහුණුව ආරම්භ කරන ලදී. අද වන විට ගුවන් හමුදාවේ විශාලතම ගුවන් යානා සමූහයකට හිමිකම් කියන මෙම පක්ෂාංගයේ චීනයේ නිෂ්පාදිත PT-6 සහ ඇමරිකාවේ නිෂ්පාදිත Cesna 150 ගුවන් යානා මූලික සහ අතරමැදි පියාසර පුහුණුව සඳහා කැප වූ අතර චීනයේ නිෂ්පාදිත ඛ්-8 උසස් ජෙට් පුහුණු ගුවන් යානා සහ උසස් ප්‍රහාරක යානාවලින් සමන්විතව ඇත
සැමරුම් උත්සවයට සමගාමීව 2023 අගෝස්තු 28 වැනි දින චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය පිරිසිදු කිරමේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. 2023 සැප්තැම්බර් 1 වන දින, අණදෙන නිළධාරී විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ කරන ලදී, එදිනම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනා පිංකමක් ප්‍රධාන ගුවන්යානා අංගන පරිශ්‍රයේදී පවත්වන ලද අතර සහභාගී වූ සියලුම දෙනා සඳහා අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයේ සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරන ලද දන්සැලක් ද පවත්වන ලදී.