ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
11:32am on Saturday 9th September 2023
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සය භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 සැප්තැම්බර් 04 වන දින බලඝණ පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් විආර්එස් විදානපතිරණ නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ආර්එම්ඒයු රත්නායක නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් වී.ආර්.එස්. විදානපතිරණ 2023 ජනවාරි 06 වන දින අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලදී. නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්.එම්.ඒ.යූ. රත්නායක නිළධාරීතුමන් මීට පෙර ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී වශයෙන් සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි