ගුවන් හමුදාධිපතිතුමන් හට ගම්පහ පරාක්‍රම මහා විද්‍යලයෙන් උපහාර
11:37am on Saturday 9th September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති තුමන් ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමා ප්‍රාථමික අධ්‍යපනය ලැබු ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයේදී පවත්වනු ලැබු අතර ගම්පහ පරාක්‍රම මහා විද්‍යාල‍යෙන් බිහිවූ පලමු ගුවන් හමුදාධිපතිතුමන් ලෙස එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා පරාක්‍රම මහා විද්‍යාලීය ඉතිහාසයට එක් වන ලදී.

පරාක්‍රම මහා විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් පරාක්‍රම මහා විද්‍යාලීය විදහල්පතිතුමන් විසින් පිලිගැනිමෙන් අනතුරුව විද්‍යාලීය බාලදක්ෂයින්ගේ ආචාරයෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් උත්තමාචාර පෙළපාලියක් පවත් වන ලදි.

අනතුරුව ගුවන් හමුදාපති තුමන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින් තමන් පාසල් කාළය තුලදි ක්‍රියා කරනු ලැබු ආකාරය පිළිබදවත් අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක වෙමින් ලබාගත් අත්දැකිම් තුලින් මෙවැනි සාර්ථක ගමනක් කරා පැමිණිමට තමන් හට හැකි වු බව ප්‍රකාශ කරනු ලැබු අතර සියලුම  ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන කටයුතු සදහා මෙන්ම ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා දායක්වය ලබා දිමට කටයුතු කරමින් තම ජීවිත සාර්ථක කරගැනිමට අදිටන් කර ගන්නා ලෙස ප්‍රකාශ කර සිටින ලදි.

මෙම උපහාර උත්සවය අවසානයේ දි ගුවන් හමුදාධිපතිතුමන් හට විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කල අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසල වෙත පිරිනමනු ලැබු සමරු තිළිණය විදුහල්පතිතුමන් වෙත ප්‍රධානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන්, ගුරුමහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලූ පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි