ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
චීනවරාය කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2023 සැප්තැම්බර් 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ අණදෙන නිලධාරී කාර්යාලයේදී සිදු කරන ලදී. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරිතුමන් විසින් විංග් කමාන්ඩර් වීආර්එස් විදානපතිරණ නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී. තනතුර භාරගැනීමෙන් අනතුරුව, අණදෙන නිළධාරියා විසින් දැනට පවතින අංක 74 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.
නව අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් වී.ආර්.එස්. විදානපතිරණ නිළධාරිතුමන් චීනවරාය කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිළධාරියා ලෙස පත්වීම් ලැබීමට පෙර ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.