ශ්‍රී ලංකා ජපාන තානාපති සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝශි හිදේකි මහතා 2023 සැප්තැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ ජපාන තානාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් යුකි යොකොහාරි මහතා ද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි