ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘති වැඩසටහනක් පවත්වනු ලබයි
දේශීය දරුවන් අතර අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම, සිවිල් සහ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සහ අවට ගම් ප්‍රජාවන් තුළ සමාජ සහජීවනය වර්ධනය කිරීම යන මූලික අරමුණු ඇතිව ගුවන් හමුදා ඉරණමඩු කඳවුර 2023 සැප්තැම්බර් 10 වන දින විශේෂ ප්‍රජා සේවා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

රාමනාතපුරම් හි පිහිටි ට්‍රයිස්ට් බාලිකා නේවාසිකාගාරය වෙත පාසල් ඇඳුම්, ලිපි ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම මෙම වැඩසටහනට ඇතුළත් විය. ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුලෝචන මාරප්පෙරුම නිළධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සහ විංග් කමාන්ඩර් මහේෂ් ගුණරත්න නිළධාරිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන් මාලාව සිදු කෙරුණු අතර සිතී සාරා අසාන් මෙනවියගේ නොමසුරු සහයෝගය මත මෙය සිදුකෙරිණි.

මෙම ප්‍රජා සත්කාරයේ විශේෂ අවස්ථාව ලෙස වඩ්ඩක්කච්චි පාසල් ක්‍රීඩාංගණයේ සුහද ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී. සිවිල් සහ හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අසල්වැසි ප්‍රජාවන් අතර සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම උත්සවය සේවා නිලධාරීන්ගේ සහ ප්‍රදේශයේ ගම්වාසීන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව පවත්වන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි