දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් "පිණ්ඩපාත චාරිකා" වැඩසටහනක් පවත්වනු ලබයි
9:37pm on Friday 22nd September 2023
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් 2023 සැප්තැම්බර් 15 වන දින සාම්ප්‍රදායික බෞද්ධ පිළිවෙතෙහි කොටසක් වන "පිණ්ඩපාත චාරිකා" නමින් අර්ථවත් උත්සවයක් සංවිධානය කරන ලදී. පැරණි බෞද්ධ සම්ප්‍රදායේ අඩිපාරේ යමින් භික්‍ෂූන් වහන්සේ සාමකාමී ගමනක යෙදුණහ.

පුහුණු පාසලේ සාමාඡිකයින්ගේ ආධ්‍යාත්මික යහපැවැත්ම වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම පුණ්‍ය කර්මය සඳහා  ගෞරවනීය මහා සංඝරත්නය 15 නමකගේ සහභාගීත්වයෙන් සිදු විය. මහා සංඝරත්නය විවාහක නිවාසවල පදිංචිකරුවන්ගේ සහ පාසලේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ පුද පූජා ලබා ගනිමින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.

මෙම අධ්‍යාත්මික අවස්ථාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වජිර සේනාධීර මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්විණි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි