ගුවන් හමුදාපතිතුමන් 9 වැනි ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා දේශනයට සහභාගි වෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික කොඩි නිලධාරීන්ගේ සංගමය විසින් 9 වන වාර්ෂික අනුස්මරණ ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා දේශනය 2023 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර "අළු කලාපීය සමුද්‍ර ගැටුම ඉන්දියන් සාගරයට පිටාර ගැලීම" යන ප්‍රධාන තේමාව යටතේ සංවිධානය කරන ලදී.
මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිවරුන් සහ නාවික හමුදාධිපතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් සැලකිය පිරිසක් සහ ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ඥාතීන් ද සහභාගී විය.
ශාන්ත පීතර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ශ්‍රී ලංකාවේ මාතෘ භූමියේ නොමැකෙන සලකුණක් තැබුවේය. ඔහු 1977 සිට 1981 දක්වා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ ඔහුගේ නායකත්වය සහ රාජකාරිය සඳහා වූ කැපවීම මාතෘ භූමියට වැදගත් විය. යුධ දිවියෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ රාඡකාරීය භාරගත් ඔහු, ජාතියේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව දායක විය. හමුදා අධ්‍යාපනයේ සහ ජාතික ආරක්ෂාවේ ප්‍රගමනය සඳහා වූ ඔහුගේ කැපවීම තහවුරු කරමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ගෞරවනීය කුලපති පදවිය ඔහුට පිරිනමන ලදී.
ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සහ කෘතහස්ත මෙහෙවර අගයමින් ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතා හට 2000 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය විසින් "දේශමාන්‍ය" යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.