ඊගල්ස් ලැගූන් වීව් උත්සව ශාලාව 2023 වසරේ හොඳම සූපශාස්ත්‍ර ආයතනය ලෙස ඉතිහාසගත විය
9:45pm on Friday 22nd September 2023
2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින මහනුවර "සහස් උයන" හිදී පැවති සූපශාස්ත්‍ර තරඟාවලිය-2023 සඳහා ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ "ඊගල්ස් ලැගූන් වීව්" උත්සව ශාලාවේ සාමාජිකයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.

රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් හයක් ඇතුළත් මුළු පදක්කම් දහසයක් ලබා ගනිමින් කණ්ඩායම කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය. මෙහිදී පිරිනමන ඉහළම ගෞරවය වන පලතුරු හා එළවලු කැටයම් තරගය සඳහා විශිෂ්ට රන් පදක්කමක් නායක ගුවන් භට වන්නිගම හිමිකර ගැනීම විශේෂත්වයකි.

"ඊගල්ස් ලැගූන් වීව්" උත්සව ශාලාව "හොඳම සූපශාස්ත්‍ර ආයතනය 2023" යන ගෞරවනීය නාමය දිනා ගනිමින් ඉතිහාසගත විය. ශූරතාවලියේ තවත් හෝටල් කන්ඩායම් පනහකට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ කිරීමෙන් පසුව මෙම ගෞරවය ලබා ගන්නා ලදී. මෙම ඡයග්‍රහනය ශ්‍රී ලංකා ගුවන් හමුදා භෝජන සංග්‍රහ කන්ඩායම මෙම කීර්තිමත් නාමය දිනාගත් පළමු අවස්ථාවයි.

ප්‍රථිපල සාරාංශය

විශිෂ්ට රන් පදක්කම
නායක ගුවන් භට වන්නිගම - පළතුරු සහ එළවළු කැටයම් තරගය

රන් පදක්කම්
කෝප්‍රල් රාජකරුණා - Hot Cooking Kullry Competition
කෝප්‍රල් සරත් කුමාර පී.ඒ (පදක්කම් දෙකක්) - පළතුරු සහ එළවළු කැටයම් සහ කේක් සැරසිලි තරගය
                        
රිදී පදක්කම්
සැරයන් හේරත් - අයිස් කැටයම් තරගය
කෝප්‍රල් රාජකරුණා - පළතුරු සහ එළවළු කැටයම් තරඟය සහ දේශීය අමුද්‍රව්‍ය තරඟය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි