අන්තර් ඒකක එල්ලේ ශූරතාවය 2023
9:49pm on Friday 22nd September 2023
අන්තර් ඒකක එල්ලේ පිරිමි සහ කාන්තා ශූරතාව 2023 සැප්තැම්බර් 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේදී පැවැත්විනි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ගුවන් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එම්.පී.ඒ මහවත්තගේ නිළධාරීතුමන් සහභාගි විය.

කටුනායක ගුවන් හමුදා කඳවුර පිරිමි ශූරතාව දිනාගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය කාන්තා ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.

කටුනායක ගුවන් හමුදා වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඒඩීආර් ලියනාරච්චිගේ, කටුනායක කඳවුරු රෝහල් අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.ඒ.වී පද්මපෙරුම, ක්‍රීඩා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ඩබ්.ඒ.එස්.බී වීරසේකර, ගුවන් ලේකම් ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව නැරඹීම සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි