
කටුනායක ගුවන් හමුදා කදවුරේ රේඩාර් නඩත්තු අංශය 14 වැනි සංවත්සරය සමරනු ලබයි
කටුනායක ගුවන් හමුදා කදවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය සිය 14 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 20 වන දින සමරනු ලැබීය. 2009 සැප්තැම්බර් 20 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙම පක්ෂාංගය පිහිටුවන ලද අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ආරක්‍ෂක ජාලයේ රේඩාර් පද්ධති සඳහා ප්‍රධාන නඩත්තු සංවිධානය බවට පත් විය.
සංවත්සරයට සමගාමීව, සම්ප්‍රදායික වැඩ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්ඒඩී ප්‍රසන්න නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද අතර කටාන 'මෙත්සුව' ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා රේඩාර් නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරීතුමන්, එම සේනාංකයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී විය.







