මහරගම අපේක්ෂා රෝහලට අංගසම්පුර්ණ නව සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් ආරම්භ කෙරේ
1:25pm on Tuesday 3rd October 2023
රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරිමට නියමිත නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණය සදහා මුල් ගල තැබිම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ඡේෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගරු සාගල රත්නායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැමිබර් මස 21 වන දින  මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දි සිදු විය.
 
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප්‍රථීකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකමි අවමවිම හේතුවෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මාධ්‍යය මගින් පලවිමත් සමග ඒ පිළිබඳ අවධානය යොමුකරමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකර මහතා, අපේක්ෂා රොහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා හමුවි සාකචිචා කරනු ලැබු අතර එම අපහසුතාවයන් අවමකර ගැනිම සදහා රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් තෙමහල් වාටිටු සංකීර්ණයක් ඉදිකිරිමට ඉදිරිපත් විය. ඉන් අනතුරුව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකර මහතා ඒ සදහා ශ්‍රම දායකත්වය ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙන් ලබාදිමට කටයුතු සිදුකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගෙන් ඉල්ලිමක් කරන ලදි. ඒ අනුව ගරු ජනාධිපති තුමන් විසින් මෙම ව්‍යාපෘතිය සදහා ශ්‍රම දායකත්වය ලබා දෙන ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දි ඇත. ඒ අනුව පළමුව ඉදිකිරිමට අදහස් කර තිබු තෙමහල් වාටිටු සංකිර්ණය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබිම හේතුවෙන් සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකිරිමට අදහස් කරන ලදි.
 
කතරගම දෙවියන්ට පිං පිණිස ඉදිකරනු ලබන මෙම සිව් මහල් ළමා වාටිටු සංකීර්ණය සදහා රු. මිලියන 150ක මුදලක් ඇස්තෙමින්තු ගත කර ඇති අතර මාස 08 කාලයක් තුලදි මෙහි ඉදිකිරිමි අවසන් කිරීමට නියමිතව ඇතෙ. මෙහි ව්‍යාපෘති කළමණාකරණය හා ඉදිකිරිම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පුර්ණ අධික්ෂණයෙන් හා ශ්‍රම දායකත්වයෙන් සිදු කිරිමට නියමිතව ඇත. මෙයට අමතරව රොගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ද ඉදිකිරිමට නියමිතව ඇති අතර ඒ අසල ඇති වාටිටු සංකිර්ණයද පිළිසකර කර අලූත්වැඩියා කිරිමට නියමිතව ඇත.
    
නව ළමා වාටිටු සංකීර්නය ඉදිකිරීමට මුල්ගල තැබිමේ අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළෙමේ හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, විශ්‍රාමික ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ව්‍යාපෘති සැලසුමි ශිල්පි තිළිණ රත්නායක, අපේක්ෂා රොහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකර ඇතුළු පිරිසක් ද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි