ශ්‍රී ලංකා ගුවන් හමුදා විවාහයට පෙර සහ නව විවාහක යුවලන් සදහා වැඩමුළුවක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවාහයට පෙර සහ නව විවාහක යුවලන් සඳහා සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා මනා දැනුමක් සහ අවබෝධයක් ලබා දීම සඳහා එක්දින වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන ඊයේ 2023 සැප්තැම්බර් 21 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එනෝකා රාජපක්ෂ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (ආචාර්ය) ලලිත් ජයවීර, ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් උදිත පියසේන, ඒකල ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපති බලඝණ නායිකා ප්‍රසන්තිකා ගයානි ඩෙමෙල් (විශ්‍රාමික) සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ  වෛද්‍ය නිලධාරී විංග් කමාන්ඩර් ප්‍රියංග රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා අලුතින් විවාහ වූ ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් සහ නුදුරු අනාගතයේ දී විවාහ වීමට අදහස් කරන ගුවන් හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ අපේක්ෂිත කලත්‍රයන් ඇතුළුව 150 දෙනෙකු සහභාගී විය.

ක්‍රියාකාරකම් පාදක සැසි පවත්වමින් තම දැනුම හා අත්දැකීම් බෙදාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ අධිකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නෙරංජි විජේවර්ධන, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය උපදේශන අධ්‍යක්ෂ බද්‍රා උඩවත්ත මහත්මිය, , කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රජනක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය දිලිනි ඉලුක්පිටිය, පොලිස් පරීක්ෂක පොලිස් මූලස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය භාර නිලධාරී වාසනා පෙරේරා , ගුවන් හමුදාව සායනික මනෝවිද්‍යාඥ, විංග් කමාන්ඩර් සුසිල් ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ක්‍රියාකාරකම් පාදක සැසි පවත්වමින් තම දැනුම හා අත්දැකීම් පැමිණ සිටි පිරිස සමග බෙදාගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි