ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණය සිය 29 වන සංවත්සරය සමරයි
1:39pm on Tuesday 3rd October 2023
''සහනය සැනකින්'' යන්න උදෘත පාඨය තේමා කර ගනිමින් ශ්‍රි ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ ස්ථාපිත කර ඇති හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණය සිය අභිමානවත් 29 වන සංවත්සරය සමරනු ලබයි.
1994 සැප්තැම්බර් මස 23 වන දින අංක 401 හෙලිකොප්ටර් බලඝණය ලෙසින් ආරම්භ කර පසුව 1996 වර්ෂයේ මාර්තු මස 23 වන දින අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණය ලෙස ස්ථාපිත කරනු ලැබු මෙම බලඝණය පුරා වසර 29 ක් අප මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සුවිශේෂි වුත් විශිෂ්ඨ වුත් කාර්යභාරයක් ඉටුකරමින් සිටි.
ඇමරිකාවේ නිෂ්පාදිත ඛෙල් 212 සහ ඛෙල් 206 හෙලිකොප්ටර් යානාවන්ගෙන් සමන්විත වන මෙම බලඝණයේ ගුවන් යානා මේ වන විට සම්පූර්ණ ගුවන් පැය 78000 වඩා ප්‍රමාණයක් පියාසර කර ඇති අතර මානුෂිය මෙහෙයුම් සමයේදි යුධ භූමියේ සිදු කරන ලද මෙහෙයුම් අතරතුර තුවාල ලත් සෙබළුන් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් සිදුකරමින් දස දහස් ගණනක් වූ රණවිරු ජීවිත බේරාගැනීමට මෙම බලඝණය විසින් සුවිශේෂි දායකත්වයක් දක්වනු ලැබීය.
වර්ථමානය වන විට මෙම බලඝණයට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ මුලික පුහුණු කිරිම් සිදු කිරිම, හදිසි අවස්ථාවන් සදහා භට පිරිස් ප්‍රවාහනය කිරිම, ප්‍රභූ ප්‍රවාහනය සිදු කිරිම, හදිසි වෛද්‍යාධාර ප්‍රවාහනය, ගිනි නිවිමේ මෙහෙයුම්ල ස්වභාවික ආපදාවන්හිදී ආධාර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරිම, වැනි සුවිශේෂි මෙහෙයුම් රාශියක් සදහා ද සක්‍රිය දායකත්වය සපයනු ලබයි.
අභිමානවත් දේශයක් ගොඩනැගිම වෙනුවෙන් සිදුකලා වු සුවිශේෂි කාර්යභාරය වෙනුවෙන් 2019 වර්ෂයේදි මෙම බලඝණය වෙත ජනාධිපති වර්ණ ප්‍රධානයක් ද සිදු කරනු ලැබු අතර මෙම බලඝණයේ වර්තමාන අණදෙන නිළධාරීතුමන් ලෙස විංග් කමාන්ඩර් අසංක රත්නායක නිළධාරිතුමන් කටයුතු කරනු ලබයි.
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 7 හෙලිකොප්ටර් යානා බලඝණය ගෙවුණු වසර 29 ක කාළය මුළුල්ලේ දේශයේ උන්නතිය උදෙසා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකොට ඇති අතර මෙම බලඝණයේ සාමාජිකයින් 17 දෙනෙකු අප මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සුරකිම වෙනුවෙන් තම ජීවිත පුජා කර ඇත.