ලෝක ළමා දිනය නිමිත්තෙන් ගුවන්පුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ මුල්ගල තැබීමේ උත්සවය
ලෝක ළමා දිනයට සමගාමීව ගුවන්පුර දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2023 ඔක්තෝම්බර් 01 වන දින උත්සවාකාරයෙන් සිදුකෙරිණී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.
කොළඹ ගුවන් හමුදා කඳවුරේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය එහි මූලික අරමුණ විය. පූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවති මෙම උත්සවය සඳහා ගුවන් හමුදා කළමනාකාරීත්වයේ සාමාජිකයින්, ඔවුන්ගේ භාර්යාවන්, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී විය.