
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී දැවැන්ත ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් 2023 ඔක්තෝම්බර් 06 උදෑසන කොළඹදී සිදු වූ බිහිසුණු අනතුරක් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයින් එම ස්ථානයට වහා ප්‍රතිචාර දක්වා බසය තුළ සිරවී සිටි මගීන් කාර්යක්ෂමව ගලවා ගැනීම සිදුකරන ලදී. මෙම ගලවා ගැනීමේ මෙහෙයුම මිතුරු ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ එක්ව සිදු කරන ලදී.















