කොළඹ ගුවන් කතිකාව 2023 ඇරඹෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සයවන වරටත් සංවිධානය කරනු ලැබු කොළඹ ගුවන් කතිකාව 2023  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ඡ්‍යේෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගරු සාගල රත්නායක මැතිතුමන් විසින් 2023 ඔක්තෝම්බර් මස 09 වන දින ගුවන් හමුදා රත්මලාන  ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව ආරම්භ කරන ලදි.

"ඉන්දියානු සාගර කලාපයේ සාමුහික ගුවන් අරමූණු වර්ධනය කර ගැනිම" තේමාව මුලික අරමුණ කර ගනිමින් ආරම්භ කරනු ලැබු මෙම විද්වත් සමුළුව සදහා එංගලන්තය ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව ඉන්දියාව චිනය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගි වු අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස  ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගූණරත්න මහතා, විදේශ රටවල්හි මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාපතිතුමන් නාවික හමුදාධිපතිතුමන්, විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා ඡ්‍යේෂ්ඨ නිළධාරීන්, ඡ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, ඇතුලූ පිරිසක්   සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි