ශ්‍රී ලංකා ගුවන් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ගවේෂනාත්මක පා ගමනක්
ශ්‍රී ලංකා ගුවන් බාලදක්ෂ ව්‍යාපාරයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරනු ලැබූ ගවේෂනාත්මක පා ගමනක් ගම්පහ පිලිකුත්තුව කදු ප්‍රදේශය ආශ්‍රිතව 2023 ඔක්තෝබර් මස 14 වන දින පවත්වන ලදි.

ශ්‍රී ලාංකීය සමස්ථ බාලදක්ෂයින් වෙනුවෙන් සංවිධානය කල මෙම පා ගමන සදහා දිවයිනෙහි විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසැල් 54 ක බාලදක්ෂ දරු දැරියන් 450 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගවේෂනාත්මක පා ගමන තුළින් බාලදක්ෂ දරු දැරියන්ගේ අධිෂ්ඨානශීලීත්වය හා නායකත්වය ඉහළ නැංවීමට මෙන්ම පරිසර හිතකාමී දරුවෙකු බිහි කිරීම මූලික අරමුණ විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි