
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම
ලංකා ගුවන් හමුදා කාන්තා හොකී “ඒ” කණ්ඩායම 2023 ඔක්තෝම්බර් 15 වන දින මාතලේ එඩ්වඩ් පාර්ක්හීදි පැවති මාතලේ විජය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද 22 වැනි “නිජබිම සටන” සමස්ත ලංකා අන්තර් සමාජ 7-ඒ පැති හොකී තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම අවසන් පූර්ව වටයේදී යුද හමුදා හොකී කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්ඩායම හමුවේ පරාජයට පත්වී අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය .
කණ්ඩායම් ජයග්‍රහණවලට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී "තරගාවලියේ හොඳම ගෝල රකින්නා" ලෙස සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
කණ්ඩායම් ජයග්‍රහණවලට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී "තරගාවලියේ හොඳම ගෝල රකින්නා" ලෙස සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.



