මැරතන් තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරඟාවලියේ 'මැරතන් රැජින' ලෙස
තරඟාවලිය ජය ගැනීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ සමත්
වූවාය. මෙම තරඟාවලිය පසුගිය ජුනි මස 04වන දින පැවැත්විණි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි තරඟකරුවන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මැරතන් තරඟය පැවැත්විණි. එනම් පුත්තලම සිට කොළඹ නගරය දක්වා පැමිණ නැවත කොළඹ සිට පුත්තලම දක්වා කිලෝ මීටර 42ක දුර ප්‍රමාණයකින් මැරතන් තරඟය සමන්විත විය.
ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ පළමු ස්ථානය ලබා ගත් අතර, දීපානි, මල්කාන්ති සහ දිල්හාරි පිළිවෙලින් තුන්වන, පස්වන සහ හත්වන ස්ථානයන් හිමි කර ගැනීමට සමත් වූහ.
තවද ඇවිදීමේ තරඟයේදී ගුවන් කාන්තා කල්‍යානි සහ දිල්හාරි පිළිවෙලින් දෙවන සහ නවවන ස්ථානයන් හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.