ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදුකරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිලිගත් අතර, ගුවන් හමුදාධිපතිතුමන් වෙත මාර්ගපෙළ ඛන්ඩ උත්තමාචාරයක් පුද කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය ඇතුළුව කඳවුරේ සියලුම ප්‍රදේශ පරීක්ෂා කරන අතර කඳවුරේ සංවර්ධන මට්ටම එහිදී අගය කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිලයන් අමතා ඔවුන් විසින් සිදු කරන ලද ප්‍රශංසනීය කාර්ය භාරය ඇගයීමට ලක් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි