ගුවන් හමුදාපතිතුමන් විසින් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරාධිත දේශනයක් පවත්වනු ලබයි
ත්‍රිවිධ හමුදා සහ පොලිස් පාඨමාලා අංක 02 හි නිලධාරීන් සඳහා "ජාතික ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවධානය" මැයෙන් ආරාධිත දේශනයක් 2023 ඔක්තෝබර් 30 වන දින ජාතික ආරක්ෂක විද්‍යාලයේ දී පැවැත්වීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාට ආරාධනා කරන ලදී.  

ජාතික ආරක්‍ෂක විද්‍යාලය වෙත පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේඡර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා විසින්  විසින් පිළිගන්නා ලද අතර අනතුරුව, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක මාණ්ඩලික කොමදෝරු සුජීව විරසූරිය විසින් ගුවන් හමුදාධිපතිතුමාගේ දේශනය සඳහා කටයුතු භාරදීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හඳුන්වාදීමේ සටහනක් තබන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිතුමන් සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායකවරයා අතර උත්සවය අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක විද්‍යාලයේ කළ සංචාරය සනිටුහන් කරමින් අමුත්තන්ගේ පොතේ සුබ පැතුම් සැමරුම් සටහනක්ද තබන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි