'6 වන රේස් ද පර්ල්' අන්තර්ජාතික අධි ඉහළ විඳදරාගැනීමේ පාපැදි ඒකල ඉසව්වේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ධාවකයාගෙන් නව වාර්ථාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ශූර  නායක ගුවන් භට නාමරත්න විසින් 2023 ඔක්තෝබර් 28 වන දින පේදුරුතුඩුවේ සිට දික්වැල්ල දක්වා  පවත්වන ලද '6 වන රේස් ද පර්ල්' අන්තර්ජාතික අධි ඉහළ විඳදරාගැනීමේ පාපැදි සවාරියේ පිරිමි ඒකල ඉසව්ව ජයග්‍රහණය කළේය. සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30.95 වේගයක් රදවා ගනිමින් පැය 19 යි මිනිත්තු 22 යි තත්පර 36 කින් ඉසව්ව නිම කරමින් නායක ගුවන් භට නාමරත්න නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

පිරිමි කණ්ඩායම් සහය ඉසව්වට සහභාගි වූ ගුවන් හමුදා පිරිමි පාපැදි කණ්ඩායම  දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔවුන් පැය 17 විනාඩි 43 තත්පර 15කින් ඉසව්ව අවසන් කර තිබුණි.

"රේස් ද පර්ල්" යනු යසස් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බයිසිකල් පදවන්නන් විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර අධි-ඉහළ විඳදරාගැනීමේ පාපැදි ඉසව්වකි. පේදුරුතුඩුවේ සිට දික්වැල්ල දක්වා කිලෝමීටර් 624ක දුරක් ආවරණය කරමින් නොනවත්වා මෙම තරගය පැවැත්විණි. ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ප්‍රංශය, මෙක්සිකෝව සහ නෙදර්ලන්තය යන රටවලින් පාපැදිකරුවන් විවිධ කාණ්ඩ යටතේ මෙවර තරගාවලියට සහභාගි වූහ.

කෝප්‍රල් නුගේරා ඩී.එස් (පේදුරුතුඩුව සිට වවුනියාව – කි.මී. 144)
විංග් කමාන්ඩර් එච්.එම්.ආර්.කේ පෙරේරා (වව්නියාව සිට දඹුල්ල- කි.මී. 106)
නායක ගුවන් භට ගමගේ  (දඹුල්ල සිට මහියංගනය දක්වා කි.මී. 111)
නායක ගුවන් භට ජයසිංහ එස්එල් (මහියංගනය සිට වැල්ලවාය දක්වා කි.මී. 118)
නායක ගුවන් භට දිසානායක එම්.එන් (වැල්ලවාය සිට දික්වැල්ල – කි.මී. 145)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි