අඩු ආදයම් ලාබී පවුල්ව සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය අවට පදිංචි අඩු ආදයම් සහිත ගම්වාසීන් සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රජා සේවය සඳහා වූ සිය නොසැලෙන කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතාගේ මගපෙන්වීමකට අනුව ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායක එයාර් කොමදෝරු දේශප්‍රිය සිල්වා මහතාගේ සහයෝගීතාවය සහ මගපෙන්වීම මත එයාර් කොමදෝරු දම්මික ඩයස් ගේ කාරුණික අනුග්‍රහය මත මෙම ශල්‍යකර්මය සිදුකරන ලදී.

චීන වරාය විද්‍යාපීඨ රෝහලේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් එච්පිඒඑස් හේවාවසම් නිළධාරීතුමන් විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපවූ සහය ඇතිව මෙම සුවිශේෂී අවස්ථාව සිදු කරන ලදී.

අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ගම්වාසීන් 23 දෙනෙකු සහ ගුවන් හමුදා පවුලේ සාමාජිකයින්ද තෝරා ගන්නා ලද අතර 2023 ඔක්තෝම්බර් 31 වැනි දින චීන වරායේ බෝධිරාජාරාම විහාරස්ථානයේදී සැත්කම් 19ක් අතිසාර්ථකව සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි