ගුවන් හමුදාපති ආනන්ද විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩයේ විසිර යාමේ උත්සවයට සහභාගී වෙයි
ජාතික ශිෂ්‍යභට බලකා හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය 2023, විසිර යාමේ පෙළපාලිය 2023 නොවැම්බර් 02 වන දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙවර හර්මන් ලූස් සහ ද සොයිසා කුසලාන කොළඹ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය සහ උසස් බාලිකා මහනුවර ශිෂ්‍යභට ඛණ්ඩය විසින් දිනා ගන්නා ලදී. ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායමේ ආදි සාමාජිකයෙකු වන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. පරිශ්‍රයට පැමිණි එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වාර්ෂිකව පවත්වනු ලබන ‘හර්මන් ලූස්’ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර ලබාගත් අතර ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. උත්සවයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් හර්මන් ලූස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයින් සඳහා පදක්කම් පළඳවා ඉන් අනතුරුව ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
තවද, පූජ්‍ය මහා සංඝරත්නය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සිවිල් ආරක්ෂාව සහ සංවර්ධන අතිරේක ලේකම්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, සේනාවිධායක ඇතුළු ආගමික නායකයින් සහ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයින් සහ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.